ඉන්දීය අපනයන-ආනයන බැංකුව විසින් සපයනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 200 ක කෙටි කාලීන ණය පහසුකම යටතේ සීමාසහිත ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් සහ පෙට්‍රල් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මේ සඳහා ප්‍රසම්පාදන හතරක් සඳහා ලංසු කැඳවා ඇති අතර කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත ඉන්දියන් ඔයිල් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා විදුලිබල අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




