අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයේ නිරත වන නිරායුධ විරෝධතාකරුවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශය සැලසුම් කර ඇති බවට විශ්වාසනීය වාර්තා පළ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ බලහත්කාරයෙන් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් ජනතා පරමාධිපත්‍ය යටපත් කිරීමට එරෙහිව පෙළ ගැසෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




