තායිලන්තයේ සියාම් සමාගම හරහා අඩු මිලට ගෑස් ලබාගැනීමට අවස්ථාව සැලසී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී තමා විසින් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හරහා බව ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙරට ක්‍රියාත්මක වන ගෑස් මාෆියාව සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කර විවෘත ටෙන්ඩර් කැඳවීම මගින් සිදුකළ ගිවිසුම්ගත වීම හරහා මෙම වාසිය රටට සැලසී ඇති බවයි.
එමෙන්ම සංවිධානාත්මක සහ සාපරාධී පිරිසක් විසින් සිදුකළ අවාසනාවන්ත ක්‍රියාදාමයන් නොවන්නට මීටත් වඩා අඩු මිලට ගෑස් ලබා දීමට තවත් සමාගම් ඉදිරිපත් වීමට ඉඩ තිබුණු බව ඔහු ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




