කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන පිරිස විසින් පදිකවේදිකාව හා මාර්ගය අවහිර වන ලෙස තබා ඇති සියලු බඩු භාණ්ඩ සහ වාහන ඉවත් කරගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පදිකවේදිකාව භාවිත කරන මහජනතාවට සහ මාර්ගය භාවිත කරන ජනතාවට බාධා නොවෙන අයුරින් සිදුකරනු ලබන සාමකාමී උද්ඝෝෂණ සඳහා මෙම නියෝගය අදාළ නොවන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





