එළඹෙන 6 වනදා දිවයින පුරා පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා පැය 24 ක දුම්රිය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පැවසුවේ සිකුරාදා මධ්‍යම රාත්‍රී 12.00ට එය අවසන් කරන බවයි.
මෙම වැඩවර්ජනය සඳහා දුම්රිය වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් එක් වන අතර එම කාලයේ තුළ දිවයිනේ කිසිදු ස්ථානයකට දුම්රිය ධාවනය නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




