නියෝජ්‍ය කතා නායක ධූරයෙන් ඉල්ලා ධුරයෙන් ඉල්ලා අස්වීමට රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙනවා.
ඒ අනුව නව නියෝජ්‍ය කතානායකවරයෙකු පත්කරගැනීම සඳහා හෙට (05) දිනයේ දී ඡන්ද විමසීමක් පවත්වන බව කතානායකවරයා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමත් සමඟ සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමට තීරණය කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




