රුපියල් මිලියන 123කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තබාගෙන සිටි යාපනය ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව විසින් ඊයේ (03) සවුක්කාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී උතුරු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක මුර යාත්‍රාවක් ලෙසින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඒ අනුව සැකකරු සමඟ කේරල ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම යාත්‍රාවේ තිබී ගෝනි 15ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් 492 ක් පමණ සොයා ගෙන ඇති අතර සැකකරු ඉදිරි විමර්ෂන කටයුතු සඳහා වඩ්ඩුකෝඩෛ පොලිසිය වෙත භාර දුන් බව නාවික හමුදාව පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




