මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ ජීප් රථයේ ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා.
ඊයේ (04) රාත්‍රියේ පලාවිය - කල්පිටිය මාර්ගයේ මාම්පූරිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී ඇති අතර ජීප් රථයේ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බව නොරොච්චෝලේ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම මනතිව් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සිමියොන් බෙනඩික් නම් අයෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයාද රථයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




