පාර්ලිමේන්තුවේ අද ( 05) පැවැත්වූ ඡන්දයෙන් නව කතානායකවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්වීමට රංජිත් සියඹලාපිටිය මහතා සමත් වුණා.
සභාව අමතමින් ඔහු කියා සිටියේ, "ගරු කතානායකතුමනි ප්‍රථමයෙන්ම ඔබතුමාටත් අද මේ ගෞරවනීය රැස්වීමට සහභාගී වූ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම විශේෂයෙන්ම මා වෙනුවෙන් මගේ ඡන්දය භාවිතා කල සියලු දෙනාටත් විශේෂ ස්තුතිය හිමිවෙනවා.මේ වෙලාවේ මං පැහැදිලි කළ යුතුයි ගරු කතානායකතුමනි ඇයි මං මේ නියෝජ්‍ය කතානායක තනතුරින් ඉල්ලා අස් වුණේ කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූවා. එතනින් නැවතුණේ නෑ ඔවුන් ස්වාධීන කණ්ඩායමක් බවට පත්වුණා. එතනිනුත් නැවතුනේ නෑ ඔවුන් විපක්ෂයේ කණ්ඩායමක් බවට පත්වුණා.බොහෝවිට මම දැරූ තනතුරු ස්වාධීන තනතුරක් බැවින් ඒ කණ්ඩායම අනුව මම ඉවත් විය යුතු නෑ කියලා මතයක් තිබුණා.හැබැයි මම ගරු කතානායකතුමනි අඩියක් ඉස්සරහට තිබ්බා.මොකද මාව යෝජනා කරල පත්කළේ නියෝජ්‍ය කතානායක හැටියට ආණ්ඩු පක්ෂය.ඒ නිසා මට අවශ්‍ය වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ අනිකුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ගත්ත තීරණය තව ශක්තිමත් කරන්න.ඇයි ඔවුන් පෙන්වා දෙන්න උත්සාහ කළේ රජයට මේ රටේ තියන බැරෑරුම් ආර්ථිකමය අර්බුදය, සමාජමය අර්බුදය,ඒ වගේ ම විශේෂයෙන් ම දේශපාලනික අර්බුදය සහ පාරේ දුක් විඳින දුක්විඳින මිනිස්සුන්ගෙ අර්බුදය.මේක පෙන්වා දෙන්න තමයි දැනෙන සංඛ්‍යාවක් මේ මන්ත්‍රී කණ්ඩායම තමන්ගේ සියලු තනතුරු අතහැරලා රජයට ලබා දුන්නේ කියලා මම කල්පනා කරනවා.ඒ නිසා තමයි මම ඒ කණ්ඩායමේ තවත් අඩියක් ඉස්සරහට තියලා මේ ස්වාධීන වූ තනතුර වුවත් මම දැරීමට සුදානම් මේ නෑ.ආණ්ඩු පක්ෂය නම් කර ආණ්ඩු පක්ෂය ස්ථිර කළ තනතුරක් හැටියට.ඒ නිසයි මා ඉවත් වුණේ."
"ඒ වගේම දැන් නැවත වතාවක් මගේ නම යෝජනාව වීම පිළිබඳ ඊයෙ වෙනකොට තිබූ තත්ත්වය විපක්ෂයේ සම්පූර්ණ එකමුතුවෙන් මාව යෝජනා වී ස්ථිර වෙන කතාවක් තමයි අද උදෑසන වෙනකනුත් දහයට මෙතනට එනකොටත් තිබුණෙ. මට අවශ්‍ය වුණේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් බවට මේ අවස්ථාව පත්කරගන්න.මම මේක ඉතා අවංකව කියන්නේ.ඒක නෑ කියන්න කාටවත් බෑ.හැබැයි මම කනගාටු වෙනවා විපක්ෂ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම පිළිබඳ මගේ බලවත් කණගාටුව මම ප්‍රකාශ කරනවා.විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම මේ රටේ මේ අර්බුදකාරි අවස්ථාවේ පාරට බැහැගෙන දුක්විඳින මිනිස්සුන්ගේ සටන පාවාදීමක් හැටියටයි මම දකින්නේ.ඒක මේ සභාවේ ඉතා පැහැදිලිවම මම කියන අවශයයි."
"ඒ නිසා මම විශේෂයෙන්ම රජයේ අපේ සියලුම සාමාජික මහත්වරුන්ටත් නැවත මතක් කරනවා අපි ස්වාධීන වීම අපි විපක්ෂයට යෑම අද තත්ත්වය නිසා කිසිසේත්ම වෙනස් වෙන්නේ නෑ.අද තත්වය තවත් ප්‍රබල කාරණයක් හැටියට සලකන්න විපක්ෂයෙන් යෝජනා වෙලා විපක්ෂයෙන් ස්ථිර වෙලා රංජිත් සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කථානායක ධුරයට පත්වීම ඔබතුමාලා කල්පනා කර ගත යුත්තේ විශේෂයෙන් මේ රටේ තියෙන මේ අර්බුදය විසඳීම සඳහා නම්‍යශීලී වීම සඳහා වඩාත් කැප වීම සඳහා මේ රටේ මිනිස්සු විඳින දුක විසඳීම සඳහා මේ රටේ දේශපාලන ආර්ථිකමය සාමාජීය අර්බුදය විසඳීමට පත්වුණ ප්‍රධාන වෙඩි මුරයක් හැටියට අද විපක්ෂයෙන් මං පත්වීම සලකන්න කියලා රජයෙනුත් ඉල්ලා සිටිමින් නැවත වතාවක් ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




