තායිලන්තයේ සියාම් සමාගමෙන් ඇණවුම් කළ ගෑස් තොග මැයි මස අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළා.
ඒ අනුව සියාම් සමාගමෙන් වසරක කාලයක් සඳහා ගෑස් මිල දී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි වුණා.
එමෙන්ම අනෙකුත් සැපයුම්කරුවන්ගේ ගෑස් තොග ඉදිරි සති දෙක තුළ දිවයිනට ළඟා වනු ඇතැයි සභාපතිවරයා පවසනවා.
මේ අතර ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව තව දින 5 ක් ඇතුළත ගෑස් ලබාදීමට හැකි බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා ප්‍රකාශ කළේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




