කොවිඩ් 19 වෛරසයට එරෙහි සිව් වන එන්නත් මාත්‍රාව එළඹෙන සඳුදා (09) සිට ලබාදීමට වසංගත රෝග විද්‍යා අංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා සහ අවුරුදු 20-60 අතර ප්‍රතිශක්ති ඌනතා සහ නිදන්ගත ආබාධ සහිත පුද්ගලයින් සඳහා දෙවන බූස්ටර් මාත්‍රාව ලබාදීමට කොවිඩ් -19 පිළිබඳ විශේෂඥ කමිටුව තීරණය කර ඇත.
මේ අතර තුන්වන එන්නත් මාත්‍රාව ලබා දී අවම වශයෙන් මාස තුනක් ගතවූ ගත වූ පුද්ගලයින්ට සිව් වන මාත්‍රාව ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




