අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයන් විසින් බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල 'හොරුගෝගම' නමින් විරෝධතා ගම්මානයක් නිර්මාණය කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට අඛණ්ඩව පැවැත්වෙන විරෝධතා කඳවුරු අතරට එක්වන නවතම කඳවුර මෙයයි.
ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ රජය වහා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (05) ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එම ස්ථානයේ අට්ටාලයක් ගසා මෙම හොරුගෝගම සාදා ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




