අද (06) දිනයේ පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස පවසමින් යම් කණ්ඩායම් විසින් රැකියාවල නිරත වීම හෝ වෙළඳ ව්‍යාපාර විවෘත නොකරන ලෙස ජනතාවට බලපෑම් කරමින් සිටින බවට අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.
ඒ අනුව මූලික අයිතිවාසිකම් භුක්ති විඳින මුවාවෙන් ජනතාවගේ නිදහසට නීති විරෝධී ආකාරයෙන් බාධා කරන පුද්ගලයන්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය අවධාරණය කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





