ශ්‍රී ලංකාවේ ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ DMK පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මාසයක වැටුප ශ්‍රී ලංකා වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාර්ලින් ප්‍රකාශ කළේ උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අසල්වැසි රටේ ජනතාවට සහයෝගය දැක්වීම සඳහා පිහිටවනු ලැබූ සහන අරමුදලට එම මූල පරිත්‍යාගය එක් කරන ලෙසයි.
මීට අමතරව තමිල්නාඩු රජය විසින් සහල් ටොන් 40,000ක් , කිරිපිටි ටොන් 500ක් සහ ඖෂධ තොගයක් ද මෙරටට ලබා දීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




