ඊයේ (05) රාත්‍රියේ අක්කරෙයිපත්තුව පාලමුල ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 10 දෙනකු සහ තවත් පුද්ගලයින් 02කු රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය පවසන පරිදි නැගෙනහිර අක්කරෙයිපත්තුවේ පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් අණ නොතකා හිස් වැසුමක් ද නොමැතිව ධාවනය කළ යතුරුපැදිකරුවෙකු ලිස්සා ඇද වැටීමෙන් රෝහල් ගත කර ඇති අතර එම සිද්ධියට අදාලව තවත් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමග පොලිසිය සහ ඔවුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී පොලිස් එක් පොලිස් නිලධාරියකුගේ වෙඩි තැබීමකින් ප්‍රදේශවාසීහු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




