ඊයේ දිනයේ සිට පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසල රැඳී සිටින විරෝධතාකරුවන් එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන 17 වනදාට පෙර ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න. එහෙම නැත්නම් අපි බලමු. පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න එක මන්ත්‍රීකෙනෙක්ටවත් පාර්ලිමේන්තුව තුළට යන්න අපි අවකාශය ලබාදෙන්නේ නෑ. මේ ගේට්ටුව විතරක් නෙමෙයි මේ වට කරලා තියෙන ඉතිරි ගේට්ටු සියල්ල වහලා, පාර්ලිමේන්තුව අපි අහෝසි කරනවා. නැවත වටයකින් තව සුමාන කිහිපයකින් අපි ලෑස්ති කරනවා. ඒ නිසා අද අපි ආණ්ඩුවට දෙන්නේ වෝර්නින් එකක්. රතු නිවේදනයක්. අපි අද මෙතැනින් නික්ම යන්නේ ඊළඟ දවස් ගානක් ආණ්ඩුව ගණන් කරලා තියා ගන්න. බැරියර් ගහ ගන්න. බංකර් ගහගන්න. අපි එනවා ඊළඟ දවසේ පාර්ලිමේන්තුව වටලන්න. ඒ එක පැත්තෙන් නෙමෙයි. ගෝඨාභයලාගේ කාලය ඉවරයි. අපි දෙන කාලය ඇතුළේ ගෞරවාන්තවිතව බැහැලා යන්න."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




