ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත්කරන ලද යෝජනා මාලාවට සමගි ජනබලවේගයේ සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනකුගෙන් යුත් ජාතික සමගි අන්තර්වාර රජයක් පිහිටුවීම ඇතුළු නිශ්චිත වැඩපිළිවෙලකට සහ කාලසීමාවකට යටත්ව රට ගොඩනැගීම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලට සහාය ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කළ බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය කිසිසේත්ම අන්තර්වාර රජයකට සහය ලබා නොදෙන බව මීට පෙර පවසනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




