එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා.
ඒ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී රංජිත් සියඹලාපිටිය ට ඡන්දය ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොලඹවන ආකාරය දක්නට ලැබුණු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට පණිවිඩයක් යවමින් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් තමන් හමුවීමට අවශ්‍ය නම් ලබන සදුදා සිරිකොතට පැමිණෙන ලෙසත් එහිදී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලෙසත් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




