ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.
ආණ්ඩුවට එරෙහිව සිදු කෙරෙන සාමකාමී විරෝධතා පොලිසියේ මැදිහත් වීමෙන් වැඩ පැවැත්විය හැකි තත්ත්වයක තිබියදී හදිසි නීතිය පැන වීම ගැටළු සහගත බව කොමිසම පෙන්වා දෙනවා
ඒ අනුව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන්ට එළඹෙන සදුදා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




