රට තුළ දැනට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණ ගැන පැහැදිලි කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
ඒ අනුව සාමාන්‍යයෙන් දිනකට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ 92 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2500ක් නිකුත් කරන බව සඳහන් කර තිබෙනවා.
අමාත්‍යවරයා පවසන්නේ තවත් පෙට්‍රල් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් ලබන සදුදා දිවයිනට ළඟා වීමට නියමිත බවයි.
තවද නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ඔටෝ ඩීසල් නිකුත් කිරීම සීමා කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




