ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම් හල්වල ඇති ඉන්ධනවල ගුණාත්මකභාවය අහඹු ලෙස පරීක්ෂා කිරීම පරීක්ෂා කිරීම ආරම්භ කර බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඛනිජ තෙල් සමග භූමිතෙල්,ජලය සහ අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.
ඒ අනුව මාර්ගෝපදේශ කඩකරන ඉන්ධන පිරවුම්හල්වල ඇතොත් ඒවායේ බලපත්‍රය වහාම අහෝසි කරන බව ඔහු ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





