විශ්වාසභංග යෝජනාව විවාදයට ගෙන දිනය පිළිබඳ තීරණය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
සමගි ජන බලවේගය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනා දෙකක් පසුගියදා කතානායකවරයාට භාර දෙනු ලැබුවා.
මේ අතර පසුගිය 6 වනදා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් වේත්‍රධාරිවරයට පහර දී සෙංකෝලය උදුරා ගැනීමට උත්සහ කිරීම ඇතුළු රට තුළ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.
එමෙන්ම පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව කතානායකවරයා විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




