ගෘහස්ථ ගෑස් සිලින්ඩරය නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් තොග නොමැතිවීම හේතුවෙන් පෝලිම් වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සහ කර්මාන්ත සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව එහි සභාපති විජිත හේරත් මහතා පවසයි.
එමෙන්ම ගෑස් ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන හතක් මේ වනවිට ගෙවා ඇති අතර එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා ගෑස් නැව් දෙකක පැමිණීම අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




