පරිගණක පද්ධතියේ අලුත්වැඩියා අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පසුගියදා අත්හිටවූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා අද (09) සිට යළි ආරම්භ කෙරෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක් දින සේවා හැර සාමාන්‍ය සේවා යළි ආරම්භ කරන බවයි.
ඒ අනුව මැයි මස 5,6 සහ 9 යන දිනවල සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වෙලාවක් වෙන්කර ගත් සහ මැයි මස 5 වනදා සාමාන්‍ය සේවයේ යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීමට අයදුම්පත් බාර දීමට පැමිණ දෙපාර්තමේන්තුවෙන් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණක් අද දිනයේ භාර ගන්නා බව එම නිවේදනය වැඩිදුරටත් සඳහන්.
මීට අමතරව හෙට (10) සිට ගමන් බලපත්‍ර අයදුම් පත් භාර ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන පැමිණීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.
ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවිය හරහා හෝ 070 7101060 යන දුරකථන අංකය හරහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකියි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




