අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් අද කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව 'මවුබිමට පණ පෙවූ නායකයා වෙනුවෙන් අපි' යන තේමාව යටතේ මෙම විරෝධතාව අද (09) පෙරවරු 9.00 ආරම්භ වන බවයි වාර්තා වන්නේ.
මේ අතර පළාත් පාලන නියෝජිතයින් හා වෘත්තීය සමිති නායකයින් පිරිසක් පසුගිය සෙනසුරාදා අග්‍රමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරත වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




