ඊයේ (09) ගාලුමුවදොර දී ජනතාවගේ අයිතිවාසිකම්වලට නීති විරෝධී ලෙස මැදිහත්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් නීතිපතිවරයා පවසා ඇත්තේ මෙම සිදුවීම හේතුවෙන් රට පුරා ජනතාව සහ ඔවුන්ගේ දේපළ සම්බන්ධ බරපතළ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා වරින් වර ඇති වූ බැවින් එම සිදුවීම්වලින් පසුව ඇති වූ තත්ත්වයන් පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන ලෙසයි.
එමෙන්ම ප්‍රමුඛතා පදනම මත කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.




