හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ පිරිස ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර තුළ සඟවාගෙන සිටින බව පවසමින් එම ස්ථානයේ මේ වන විට දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනවා.
ඒ අනුව රටේ මුදල් සොරා කෑ මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින්ට ආරක්ෂාව සැපයීමෙන් වළකින ලෙසත් රට අරාජික කළ නායකයන්ට ආරක්ෂාව සැලසීම දැඩි පිළිකුලට කරුණක් බවත් එහි සිටින විරෝධතාකරුවන් පවසයි.
මේ අතර මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වන අතර මේ වන විට එහි ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




