ආණ්ඩු පක්ෂයේ සහායිකාවක් ලෙස සැලකෙන අනුරාධපුරයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන ඥාණා මෑණියන් ලෙස හඳුන්වන කන්තාවගේ නිවස, දේවාලය සහ හෝටලයකට ද පහර දී තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර අලුත් නුවර පාරේ පිහිටි නිවසට සහ හෝටලයට ද ගල් මුල්වලින් පහර දී ගිනි තබා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර කුරුන්දන්කුළම කාර්යාලය පවත්වාගෙන ගිය නිවසට හා හෝටලයට, හිටපු අමාත්‍යය චන්න ජයසුමන මහතාගේ අනුරාධපුර ශීක්ෂණ රෝහල අසල පිහිටි කාර්යාලය පවත්වාගෙන ගිය නිවසට හා අනුරාධපුර ගුවන්තොටුපල පාරේ පිහිටි හිටපු අමාත්‍යය ශෙහාන් සේමසිංහ මහතාගේ හා හිටපු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිවසට හා අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස මහතාගේ නිවසටද ගිණි තබා විනාශ කර ඇත.
එමෙන්ම උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය එස්.එම් රංජිත් මහතාගේ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසටදඅනුරාධපුර මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන කුමුදුණී ගුණසේන සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගේ කාර්යාලය පවත්වාගෙන යන අනුරාධපුර මහනගර සභා නිළ නිවාස වල පිහිටි නිවසටද ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. 


























