ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සහ ශ්‍රී ලංකා යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සිතාසි නිකුත් කර ඇත.
ඒ අනුව මැයි මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය දැනුම් දී තිබෙනවා.
ඊයේ දිනයේ රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙහිදී එම නිලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




