පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය තවදුරටත් පැවතිය හොත් රෝහල්වලට ඇතුලත් කරන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා දැනටමත් පවතින ඖෂධ හිඟය තවත් උග්‍ර විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ අතර ගාලුමුවදොර පිටියේ නිරායුධ සිවිල් වැසියන්ට එල්ල වූ ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් විරෝධතා සාමකාමීව සිදුකරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කමිටු සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් සාමකාමී ජන අරගලයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් මේ වනවිටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




