විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යධූරය භාර ගන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ පසු පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
එමෙන්ම අගමැතිවරයා ඉවත් වූ නිසා ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා දේශීයව හෝ ජාත්‍යන්තරව පිළිනොගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයින්ගේ ජීවිත මෙන්ම දේපල ද ආරක්ෂා කළ නොහැකි ජනාධිපතිවරයෙකුගේ පැවැත්ම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




