පසුගිය දින කිහිපය තුල සිදුකරන ලද සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින අතර එම ප්‍රචණ්ඩ ක්‍රියාවන් හි නියැළුණු සියලු දෙනාටම නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
එමෙන්ම අරලියගහ මන්දිරයට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර පිහිටි සාමකාමී අරගලකරුවන්ට පහර දීම ජනාධිපතිවරයා ඇතුළු සමස්ත පාලන තන්ත්‍රය කෙරෙහි තිබූ විශ්වාසය තවදුරටත් පළුදු කිරිමට සමත් වූ බව එම සංගමය අවධාරණය කරයි.
ඒ අනුව බිඳවැටුණු මහජන විශ්වාසය සහ සාමය කඩිනමින් යළි ස්ථාපිත කිරීමට ගත යුතු පියවර කිහිපයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






