රටේ ජනතාවගෙන් කොටසක් තලා පෙලා දමා දේපල විනාශ කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම නවත්වන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ,
"මේ හැමකෙනෙක්ම අපේ රටේ පුරවැසියෝ. ශ්‍රී ලාංකිකයෝ. ඒ කියන්නේ අපේ මිනිස්සු. ඉතින් මොන දේශපාලන අදහස් දැරුවත් මොන දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ හැමකෙනෙක්ම ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා අද මේ අරගලයට එකතුවෙලා ඉන්න දුවලා පුතාලාගෙන් මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා දුවේ, පුතේ මේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නවත්වන්න. ඔබට අවශ්‍ය විදියට ප්‍රජාතන්ත්‍රවාදි විදියට කාටවත් හිංසාවක් නොකර දේපළ රජයේ වේවා, පෞද්ගලික දේපළ වේවා ඒවා ගිනි තියන්නේ නැතිව සාමකාමී විදියට ඔබේ අරගලය ගෙනියන්න. එහෙම නැතුව අපේම රටේ අපේ සහෝදර ජනතාවගෙන් කොටසක් මරා දමන්න, තලා දමන්න ඒ අයගේ දේපළ ගිනි තියන්න, විනාශ කරන්න කටයුතු කරන්න එපා. එහෙම වුණොත් නීතිය හා සාමය ආරක්ෂා කරන්න බැඳී සිටින අයගෙන් නීතිය අතට ගත්තොත් අපේ රටට අනාගතයක් නෑ. දුවේ, පුතේ මේ රට අයිති ඔබටයි. එහෙම නම් නොසන්සුන්කාරී විදියට හැසිරෙන එක නවත්වලා, ඔබේ අරගලය සාමකාමී විදියට පවත්වාගෙන යන්න."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




