විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ රට තුළ පවතින අර්බුදය විසඳීමට හැකි විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම නිසා තමා සමගි ජනබලවේගය ඉවත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමඟි ජන බලවේගයේ සාමාජිකයින් දවස පුරා සාකච්ඡා කර නමුත් පවතින ගැටළු නිරාකරණය කිරීමට හැකි විසඳුම් නොලැබුණු බවත් කොන්දේසි කිහිපයක් ඉටු වන තෙක් සජිත් ප්‍රේමදාස මහතා අගමැති කම ප්‍රතික්ෂේප කළ බවයි.
"මම සජිත්ට කිව්වා මේක කොන්දේසි දාන්න වෙලාවේ නෙවෙයි කියලා. අපි ඉස්සෙල්ලා රට ගැන හිතලා දේශපාලන ස්ථාවරත්වයට යන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. එතුමට තිබුණේ අගමැතිකම අරගෙන ආර්ථික අර්බුදය විසඳලා සාමාන්‍ය තත්ත්වය ඇති කරලා කොන්දේසි හදන්නයි"
එමෙන්ම තමන් තනි වී නොමැති බවත් තමා සමග සමඟ තවත් පිරිසක් සිටින බවත් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ මෙම සංඛ්‍යාව පෙන්වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




