ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (12) ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
අද පස්වරු 2.00 ට නැවතත් ඇඳිරි නීතිය පැනවීම නිසා ප්‍රවාහන අපහසුතා ඇතිවීම පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අද දිනය සඳහා වේලාව වෙන් කරගත් අයදුම්කරුවන්ට වෙනත් වැඩ කරන ඕනෑම දිනක සේවාව ලබා ගත හැකි බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




