උතුරු කොරියාවෙන් පළමුවරට කොවිඩ් 19 ආසාදිතයෙකු හමු වීමත් සමග එරට දැඩි සංචරණ සීමා පැනවීමට නියෝග කර තිබෙනවා.
උතුරු කොරියාවේ Pyongyang අගනුවරින් වාර්තා වූ මෙම ආසාදිතයාට කොවිඩ් වෛරසයේ වඩා වේගවත් ව්‍යාප්තියක් ඇති omicron ප්‍රභේදය ආසාදනය වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව වසංගත තත්ත්වයක් රට තුළ නිර්මාණය වුවහොත් ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව කොරියානු ජනාධිපති කිම් ජොන් උන් සහ එරට ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විශේෂ හමුවක් පවත්වමින් සාකච්ඡා කර තිබෙනවා.
කෙසේ වෙතත් මිලියන 25ක ජනග්‍රහනයක් සිටින උතුරු කොරියාව මේ වන තෙක් කොවිඩ් වෛරසයට එරෙහි කිසිඳු එන්නතක් ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




