ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 17 වන දා විවාදයට ගැනීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.
අද (12):පෙරවරුවේ පැවති පැවැති පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ.සුමන්තිරන් මේ බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් පසු විවාදයට ගැනීමට තීරණය කර ඇති අතර එය ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමට අදාළ මෝසමක් ද පක්ෂ නායකයින් විසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් සහභාගීවී තිබුණේ නැහැ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




