විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් බව හා හෙට දිනයේ නව ආණ්ඩුවක් පිහිටුවමින් දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙන ලෙස සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (12) දහවල් යවන ලද ලිපිය පිළිගැනීමට නොහැකි බව ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී තිබෙනවා.
අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දුරකථනයෙන් අමතා කරන ලද ඉල්ලීම ඔහු විසින් කළින් ප්‍රතික්ෂේප කරන ලද හෙයින් ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන ඇති නිසා විපක්ෂ නායකවරයා මේ අවස්ථාවේ කරන ඉල්ලීම පිළිගැනීමට හැකියාවක් නොමැති යැයි ඔවුන් පවසා ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙන තුරු තමා අග්‍රාමාත්‍ය ධුරය භාර නොගන්නා බවයි මීට පෙර විපක්ෂ නායකවරයා සඳහන් කලේ.
ඒහෙත් අද දිනයේ අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දීමට නියමිත බව පළවීමත් සමග මෙම ලිපිය යොමු කර තිබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




