මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියේදී තමන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චැන්ග් මහත්මිය කියාසිටී.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය ධූරයේ දිවුරුම් දීමෙන් පසු ට්විටර් සටහනක් තබමින් ඇමෙරිකානු තානාපතිවරිය මේ බව සඳහන් කර තිබේ.සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට ස්ථාවර කිරීම ඔහුගේ පළමු පියවරයන් වේයැයි අපේක්ෂ කරන බවද ඇය විසින් පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුවන ගනුදෙනු සියලුම ශ්‍රී ලාංකිකයන් ගේ අවශ්‍යතා සපුරාලන ලෙස සිදුකර ලාංකිකයන් මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් ලබාදේ යැයි බලාපොරොත්තු වන බවද ජූලි චග් මහත්මිය සිය ට්විටර් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.
Look forward to working w/ @RW_UNP. His appointment as PM, and the quick formation of an inclusive government, are first steps to addressing the crisis & promoting stability. We encourage meaningful progress at the IMF & long-term solutions that meet the needs of all Sri Lankans.
— Ambassador Julie Chung (@USAmbSL) May 12, 2022
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




