2021 (2022) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම් කර තිබෙනවා.
ඒ අනුව විභාගය අවසන් වන ජුනි පලවන පළ වන දා දක්වා විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හෝ පන්ති පැවැත්වීම, විභාග ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම සහ ප්‍රචාරණය කිරීම හෝ විද්‍යුත් මාධ්‍ය පෝස්ටර් සහ බැනර් හරහා ප්‍රශ්න හෝ පිළිතුරු සැපයීම සඳහා කටයුතු කිරීම තහනම් බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.
ඒ අනුව යම් අයකු හෝ ආයතනයක් විසින් මෙම රෙගුලාසි කඩකරන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පොලිස් මූලස්ථානය - 0112421111
පොලිස් හදිසි ඇමතුම් - 119
විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන ඇමතුම් අංක -1911
පාසල් විභාග සංවිධාන ශාඛාව 0112784208
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





