අග්‍රමාත්‍යධූරය භාර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) දිනයේ ජනාධිපතිවරයා වෙත යොමු යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව පසුගිය 6 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමට ගත් තීරණයෙන් පසුව නව අන්තර්කාලීන රජයක අග්‍රමාත්‍ය ධූරය භාරගන්නා ලෙස තමා ප්‍රථමයෙන් ආරාධනා කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස මහතාට බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
මේ අතර පසුගිය 09 වනදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වන තුරු සජිත් ප්‍රේමදාස මහතා ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් පසුගිය 10 වන දා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් තමාගේ නායකත්වය යටතේ කිසිසේත්ම අගමැතිකම භාරගැනීමට සූදානම් නැති බව ප්‍රකාශ කළ බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ පවතින අස්ථාවර තත්ත්වය කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය වන නිසා අවස්ථා කිහිපයක දී ම මෙරට අග්‍රාමාත්‍යධූරය හොබවන ලද පරිණත දේශපාලනඥයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට තීරණය කළ බවයි.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





