රනිල් වික්‍රමසිංහ විසින් අග්‍රාමාත්‍යධූරය දරණ ආණ්ඩුවක කොටස්කරුවකු වීමට සූදානම් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඒ අනුව නව රජය යටතේ කිසිදු ඇමැතිධුරයක් භාර නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද නව රජය සඳහා සහාය ලබා නොදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




