ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්ගේ නිවෙස් වලට අලාභ හානි කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කරමින් ජනතාව කුපිත කළ බව කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ලුතිනන්වරයකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2010 ඔක්තෝම්බර 29 වන දින යුද හමුදාවට බැඳුනු ඔහු තම අණදෙන නිලධාරියාගේ අත්සන ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාව මත යුධ හමුදාවෙන් නෙරපා හැර තිබෙනවා.
සැකකරු නිට්ටඹුව පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (13) අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




