ස්වාධීන පක්ෂ 10 යේ මන්ත්‍රීවරුන් නව ආණ්ඩුව සමඟ පක්ෂ නොවීමටත් කිසිදු තනතුරක් භාර නොගැනීමටත් තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් නව රජයට බාධා නොකරන බවත් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස ආණ්ඩුවේ සාධනීය ක්‍රියාමාර්ගවලට සහය ලබාදෙන බවත් අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර වීරවංශ මහතා සඳහන් කළේ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඔහු මෙම ආර්ථික අර්බුදයට වගකිව යුත්තෙක් බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




