නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් ගැටුම් ඇතිකර නොගන්නා ලෙසත් එම තනතුර සඳහා ඒකමතික මන්ත්‍රීවරියක් නම් කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වනවා.
අග්‍රමාත්‍යවරයා මේ දිනවල දේශපාලන පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡා අතරතුර මෙම අදහස් පළ කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.
ඒ අනුව මෙවැනි තනතුරු හේතුවෙන් දෙපැත්තට වී සටන් කිරීමට කාලය මෙය නොවන අතර පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම සඳහා මන්ත්‍රීවරියක් එම තනතුර සඳහා පත් කරන ලෙස අග්‍රමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා.
මේ අතර එළඹෙන 17 වනදා රැස්වන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුත්තක් වන්නේ නව නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




