පසුගිය දින කිහිපය තුළ ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග රත්නපුර දිස්ත්‍රික්කයෙන් සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
කහංගම, ගැටන්ගම මිල්ලකන්ද ඇතුළු පහත් බිම්වල ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දැනුම් දෙනවා.
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් පෙන්නුම් නොකරන අතර ජල මට්ටමේ වැඩිවීමක් ඇතිවිය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාවට ලබාදෙන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




