දිවයින පුරා පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෑම පොලිස් බල ප්‍රදේශයකම ජංගම සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව රට තුළ නීතිය සහ සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර ඒකරාශී වෙමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීමේ උපදෙස් ද ක්‍රියාත්මක කරන ලෙසත් චක්‍රලේඛයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා නියෝග කර ඇත.
මේ අතර සමාජ මාධ්‍ය ජාලා හරහා පුද්ගලයින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වීමට සහ අපරාධ වල නිරත වීමට පෙළඹවීම් සිදුකරන බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




