රටේ අභිවෘද්ධිය සහ රට නඟා සිටුවීම වෙනුවෙන් ගනු ලබන තීරණ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට සහයෝගය ලබාදීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කර තිබෙනවා.
එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදවා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බව වගකිවයුතු විපක්ෂයක් ලෙස විශ්වාස කරන බවයි.
මේ අතර සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තියෙන් බැහැරව ආණ්ඩු පාර්ශවයට මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරන්නේ නම් සහයෝගය ලබාදීම කොන්දේසි විරහිතව අත්හිටුවන බව අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




