පසුගිය 09 වැනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමත් සමග දිවයින පුරා පුද්ගලයින්ට පහර දී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් මේ වෙනවිට පුද්ගලයින් 398 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
මේ වන විට පුද්ගලයින් 159 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
දිවයිනපුරා සිදුවූ යම් කලහකාරී සිදුවීම් ඒ වගේම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ සිදුවීම් 756ක් සම්බන්ධයෙන් අද උදෑසන 6.00 වන විට පැමිණිලි ලැබී තිබුණා. මෙම පැමිණිලි 756 සම්බන්ධයෙන් මේ වන විට දිවයිනේ පිහිටි සියලු පොලිස් ස්ථාන වගේම, කොට්ඨාස අපාරාධ විමර්ශන අංශය විසින් එම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වගේම කොට්ඨාස භාර නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා. ඊයේ දිනයේදී සැකකරුවන් 159ක් පමණ අත්අඩංගුවට ගත්තා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුද්ගලයින් 20 දෙනෙකුට ඇප ලබාදී තිබෙනවා. ඒ වගේම තවත් සැකකරුවන් 22ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබෙනවා.""මේවන විට දිවයිනපුරා සැකකරුවන් 398ක් එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ඇප ලබාදීම් 101ක් අධිකරණය මගින් සිදුකරලා තියෙනවා. ඒ වගේම මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා 159 දෙනෙකු. මේ සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරනවා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




