වෙසක් පොහොය හේතුවෙන් අත්හිටුවා තිබු ඉන්ධන බෙදාහැරීම අද (16) සිට යළි ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද පස්වරුව වන විට කොළඹ පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් නැව්ගත කිරීම් සඳහා මුදල් ගෙවීමට නොහැකිව ඉන්ධන නැව් තුනක් සතියකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




